සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සංචාරකයන් විසින් අත හැර දමා ඇතැයි සිතෙන එහෙත් සුන්දරත්වයෙන් අනූන ස්ථානයකි මන්නාරම හා ඒ අවට ප්‍රදේශය. මන්නාරම් චාරිකාවේ දී අපි ගිය තවත් සුන්දරම ස්ථානයකි පේසාලේ මුහුදු වෙරළ.
මන්නාරම සිට තලේමන්නාරම දෙසට කිලෝ මීටර් 17ක් යන විට පේසාලේ නගරයත් මුහුදූ තීරයත් අපට හමුවේ.
නිසල මුහුදක් ඇති වෙරළ ආශ්‍රිතව නොගැඹුරු පැහැදිලි ජලයක් ඇති අපුරුම ඉසව්වකි පේසාලේ මුහුදු තීරය. 



දැනට ධීවර ගම්මානයක් ලෙසින් පවතින මේ මුහුදු තීරය තාමත් සංචාරක ආකර්ශනයට නතු නොවී තිබීම ගැන ඇත්තේ කනගාටුවකි.
සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ නම් තවත් අගනා පෙදෙසකි පේසාලේ.
මෙහි දී අප දුටු විශේෂත්වය නම් බටහිර රටවල සංචාරකයන් අතන මෙතැන මේ වෙරළේ විනෝදවන ආකාරයයි. දේශීය සංචාරකයන් නම් දක්නට සිටියේම නැති ගාණය.
පහත වීඩියෝවේ ඇත්තේ අප විසින් ඩ්‍රෝන් කැමරාවක් ඇසුරින් සැකසූ පේසාලේ මුහුදු තීරය ගැන වූ වීඩියෝවකි. එය යූ ටියුබය ඔස්සේ නරඹන්නේ නම් පහත ලින්කුවෙන් නැරඹිය හැකිය.
https://youtu.be/npEFBXb-1iM

මෙන්න වීඩියෝව




7 comments:

  1. නියමයි.
    අපේ අය ගිහිල්ල වැඩේ කුණු කරන හැටියට ඔහොම තියෙයන එක හොඳයි වගේ.

    ReplyDelete
  2. ප්‍රසා මාමා කිව්ව වගේ මේ වගේ තැන් හැංගිලාම තියෙනං හොදා කියල හිතෙනවා බුරු ලාංකිකයන් ඒ තැන් වලට ගිහින් දාලා ආපුවා දැක්කම.. පේසාලේ තෙල් තියනවලු..

    ReplyDelete
    Replies
    1. තෙල් බේත් දේශකයින්ගේ තෙල් ද?

      Delete
  3. දැනට සංචාරකයන් නොයන නිසා වෙන්නැති සුන්දරත්වය රැකිල තියෙන්නේ....

    ReplyDelete
  4. ඔව් අපේ මිනිස්සු සංචරක ස්ථාන වලට ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නෑ.
    විචාරක දියණිය

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT