රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2017-09-20

නොහඬන් විල්පත්තුව | Don't Cry Wilpattu

ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව මැදිහත්ව මේ ගැන සිතන්න. වනාන්තරයක් යනු රටකට සම්පතකි. එදා නිල්ලෙන් පිරි හරිත වියනක්ව තිබූ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ අක්කර දහස් ගණනක් අදවන විට මුඩු බිමකි. අවිධිමත් ජනාවාසයකි. ජනාවාසයෙන් නොනැවතී තව දුරටත් මහ වනය ගිල ගන්නා රාක්ෂයෙකි. වැනසෙන්නේ ජාතියට හදවතක් බඳු වූ මහා හරිත වියනයි.

2017-09-19

ඩුබායි රටේ මින් මැදුරේ කිමිදෙන්න යමු ද? | Dubai aquarium and underwater zoo

ලෝකයේ විශාලතම එල්ලෙන මින් මැදුර පිහිටලා තියෙන්නේ ඩුබායි රටේ. ඒක හඳුන්වන්නේ Dubai aquarium and underwater zoo කියලයි. විවිධ වර්ගයන්ට අයත් මසුන් ලක්ෂ ගානක් මෙහි ඉන්නවා. මෙහි ඇති විශේෂත්වය තමා උමග තුළ සිට වගේම වතුර යට කිමිදෙමින් ද මත්‍යයයන් නරඹන්න අවස්ථාව තිබීම. 
ඒ කටයුත්ත ආවාට ගියාට කරන්න නම් අවසර නෑ. මනා සෞඛ්‍ය තත්ත්වයකින් ඔබ පසුවිය යුතුයි. ඒ වගේම එයාලගේ නීති මාලාවකුත් තියනවා එසේ කිමිදෙමින් මසුන් නරඹන්නේ නම්. ඒ සියල්ලටම ඔබ එකඟ විය යුතුයි.
මෙහිදි ඔබට වතුර යට සිට දරුණු වර්ගයේ මෝරන් වැනි මත්ස්‍යයන් සමග ගැවසෙන්න හැකියි. ඔබේ ආරක්ෂාවට ඔබ වතුර යට සිටින්නේ යකඩ කූඩුවක් තුළයි.

2017-09-18

මුහුදේ සුන්දරත්වය විඳින්න එන්න පේසාලෙට | pesalai beach | Amazing Sri Lanka beauty

සංචාරකයන් විසින් අත හැර දමා ඇතැයි සිතෙන එහෙත් සුන්දරත්වයෙන් අනූන ස්ථානයකි මන්නාරම හා ඒ අවට ප්‍රදේශය. මන්නාරම් චාරිකාවේ දී අපි ගිය තවත් සුන්දරම ස්ථානයකි පේසාලේ මුහුදු වෙරළ.
මන්නාරම සිට තලේමන්නාරම දෙසට කිලෝ මීටර් 17ක් යන විට පේසාලේ නගරයත් මුහුදූ තීරයත් අපට හමුවේ.
නිසල මුහුදක් ඇති වෙරළ ආශ්‍රිතව නොගැඹුරු පැහැදිලි ජලයක් ඇති අපුරුම ඉසව්වකි පේසාලේ මුහුදු තීරය. 



දැනට ධීවර ගම්මානයක් ලෙසින් පවතින මේ මුහුදු තීරය තාමත් සංචාරක ආකර්ශනයට නතු නොවී තිබීම ගැන ඇත්තේ කනගාටුවකි.
සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ නම් තවත් අගනා පෙදෙසකි පේසාලේ.
මෙහි දී අප දුටු විශේෂත්වය නම් බටහිර රටවල සංචාරකයන් අතන මෙතැන මේ වෙරළේ විනෝදවන ආකාරයයි. දේශීය සංචාරකයන් නම් දක්නට සිටියේම නැති ගාණය.
පහත වීඩියෝවේ ඇත්තේ අප විසින් ඩ්‍රෝන් කැමරාවක් ඇසුරින් සැකසූ පේසාලේ මුහුදු තීරය ගැන වූ වීඩියෝවකි. එය යූ ටියුබය ඔස්සේ නරඹන්නේ නම් පහත ලින්කුවෙන් නැරඹිය හැකිය.
https://youtu.be/npEFBXb-1iM

මෙන්න වීඩියෝව




2017-09-06

බ්ලොග් වසන්තය 2017 | Sri lanka bloggers award ceremony

තුන්වැනි වතාවටත් බ්ලොග් වසන්තය සම්මාන උළෙල රත්නපුරේ සප්තපාදී හෝටලයේ දී අති සාර්ථකව පැවැත් වුණා. බ්ලොග් ලියන කියවන කාටත් මහත් විනෝදයක් ගෙනදුන් මේ අවස්ථාව උදාවුණේ ඉන්දික කොඩිතුවක්කු, දුශාන් කරවිට වගේම අතුල තිලක් රණසිංහ කියන බ්ලොග් කරුවන් තිදෙනා නිසයි.
බ්ලොග් කරුවන් බ්ලොග් ලෝකයෙන් ඈත්ව යන වකවානුවක ඉන්දික හා දුෂාන්ගේ සංකල්පයක් මත තමයි මේ බ්ලොග් වසන්තය ආරම්භ වුණේ. 

2017-08-08

| කුරුල්ලෝ බලන්න යමු කුමන - Ramsar wetland kumana |

Amazing Sri Lanka 
beauty episode 1
Travel Kumana with GoPro

මේ පාසල් නිවාඩුවේ චාරිකාවක විනෝදය වගේම දැනුමටත් බොහොම දේ එකතු කරගත හැකි ගමනකි කුමන අභය භූමිය නැරඹිමට යාම.
1970 ජනවාරි 20 වන දා ජාතික උද්‍යානයක් වශයෙන් නම් කරන ලද කුමන වඩාත් ප්‍රසිද්ධ එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.එය කුරුලු අභය භූමියක් ලෙස 1938 දී ප්‍රකාශයට පත් ක‍රන ලදී.
මෙම අභය භූමියේ විශාලත්වය හෙක්ටයාර 35,664 කි

සතුන් හා ශාක කළපු සහ වැව්වලින් යුක්තය. කුඹුක්කන් ඔය පිහිටා ඇත්තේ මෙහි වේ. පලු, ඇහැළ, බුරුත, නෙළුම්, මානෙල් වැනි ශාක වලින් සමන්විතය.මෙහි පක්ෂීන් විශේෂ 255 පමණ වාර්තා වී ඇත.අලි-මානාවා, හීන් බහුරු මානාවා, යුරාසියා හැඳිඅලවා, මහ ගොළුකිරළා මෙන්ම සංක‍්රමණික පක්ෂීන් අත‍ර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් ව‍ර්ග, වටුවන් වර්ග, හැඳි ආලාවා, පොරෝ කෑදැත්තා වේ.තිලාපියා සහ ගල් මාලු යන මත්ස්යයන්, කිඹුලන් සහ කැස්බෑවන් වැනි උරගයන් මෙන්ම හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද මෙහි වාසය කරයි.උද්‍යානයේ අලි ගහනය 30-40 පමණ වේ.
නැරඹීමට යාමේදී දැනගත යුතු කරුණු 
අප්‍රේල්-ජූලි මාස වලදී පක්ෂීන් දස දහස් ගනනින් සංක‍්රමණය වන නිසා එම කාලය නැරඹීමට යාමට වඩාත් සුදුසු කාලයයි.

කුමන යන්නේ නම් වඩා පහසු පානම පිවිසුමට ගොස් ඇතුළු වීමයි.  මොණරාගල , සියඹලාන්ඩුව, ලාහුගල, පොතුවිල්, අරුගම්බේ ඔස්සේ පානමට ළගා විය හැකියි.

Ramsar wetland kumana
Sri Lanka designates Kumana Wetland Cluster Ramsar Site as its 5th Wetland of International Importance
This Ramsar Site (19,011 ha; 6°37’N 81°44’E) falls within two existing protected areas, Kumana National Park and the Panama-Kudumbigala Sanctuary. Located South-east of Sri Lanka in the Ampara District, this site consists of a diversity of coastal wetland habitats, including lagoons, estuaries, irrigation reservoirs, mangroves, salt marshes, interspersed with sand dune, scrubland and forest vegetation.

2017-07-27

Hair donation for cancer patients in sri lanka පිළිකා රෝගින් වෙනුවෙන් කෙස් දන් දුන් චාන්දි



පිළිකා රෝගයෙන් හිස කෙස් අහිමි වූවන් සඳහා කෙස් බද්ද කිරීම් දැන් සිදු කෙරෙනවා. බද්ද කරන්නට නම් නිරෝගී ප්‍රමිතියෙන් යුතු කෙස් තිබිය යුතුයි. මේ කෙස ලබා ගන්නේ පරිත්‍යාග ශීලීන් ගෙන්. විදෙස් රටවල නම් මේ කටයුත්ත සිදුකෙරුණට අපේ රටට ටිකක් අමුතු කටයුත්තක්.
ඒත් දැන් ඒ කාර්යයට මුල පුරලා තියනවා. අඟල් අටකට වඩා වැඩි දිගකින් යුතු ඔබට හැකියි කෙස් දන් දෙන්න. මේ දන් දීමෙන් කිසි සේත්ම ඔබ ට කෙස් අහිමිවන්නේ නෑ. ඔබේ රුපයට සරිලන සේ විලාසිතාවක් ඇතිවන ආකාරයට තමයි මේ පරිත්‍යාගය ලබාගන්නේ.
එහෙම කෙස් පරිත්‍යාග කර කෙනෙක් තමයි චාන්දි, ඉතින් චාන්දි වගේ ඔබත් කැමතිනම් කෙස් දන්දී තවත් අයෙකුගේ සිතට අස්වැසිල්ලක් වෙන්න. මෙන්න ඒ අවස්ථාව ඔබටත් දැන් තියනවා.
මේ කාර්යය කරන්නේ රමනි ප්‍රනාන්දු රූපලාවන්‍යාගාර මගින්. ඔබට පුළුවන් වේලාවක් වෙන්කරගන ගිහින් මේ පරිත්‍යාගය කරන්න. විස්තර විඩියෝවේ.
විමසිම් 0112363211





My Journey එක් දින චාරිකා මා ඔය

අද බොහෝ දෙනෙක් තම ආයතනයේ වේවා මිතුරන් පිරිසක් සමග වේවා පවුලේ හිතවතුන් සමග වේවා විවේකය සඳහා යා හැකි එක් දින චාරිකා පිළිබඳ මහත් උනන්දුවක් දක්වයි.
එසේ යන්නට සුදුසු තැන් බොහොමයක් විවිධ ආයතන මගින් ඇති කර තිබුණත් එයට යන පිරිවැය ඉහළය.
වියදමකින් තොරව විවේකීව දවසක් ගෙවන්නට හොඳම තැනකි මා ඔය. මා ඔය ගං දැලේ විවිධ තැන්වල නාන තොටුපළවල් ඇත.
අප පසුගිය දා ගියේ මීරිගම අඹේපුස්ස මදුරුපිටිය නම් ගම්මානය හරහා මාඔය ඇදියන ඉසව්වටයි.
එම ස්ථානය දිනයක විනෝදයක් ලබන්නට කදිම තැනකි. බලන්න මේ තැන ගැන වීඩියෝවෙන්.


2017-07-26

පරාක්‍රමබාහු රජු උපන් තැන දැදිගම කොට වෙහෙර - Dedigama Kota Vehera (Suthigara Sthpa)

දැදිගම කොටවෙහෙර නමින් ප්‍රකට මෙම ස්තූපය, සූතිඝර චෛත්‍ය වශයෙන් ද හඳුන්වනු ලැබේ. කොටවෙහෙර වෙත ළඟා විය හැක්කේ කොළඹ නුවර මාර්ගයේ නෙළුන්දෙනිය හන්දියෙන් ගලපිටමඩ මාර්ගයේ කි.මීටර් 3 ක් පමණ ගමන් කිරීමෙනි. අවිස්සාවේල්ල කෑගල්ල මගෙහි පිටගල්දෙනිය හන්දියෙන් හැරී තුංතොට හරහා ද මෙතැනට පැමිණිය හැකි වෙයි.

දැදිගම යනු ශ්‍රී ලංකාවේ ඓතිහාසික නගරයකි. අවම වශයෙන් මධ්‍ය ශිලා යුගයේ දී මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බව නිශ්චය කර ගැනීමට හැකි සාධක ප්‍රදේශයෙන් හමු වී තිබේ. පුරාතනයේ මෙම ග්‍රාමය හඳුන්වා ඇත්තේ ‘පුංඛගාම’ යනුවෙන් ය. එසේම ජාතගාම, දැතිගම, පිලගම ආදී නම් වලින් පැරැණි ලේඛනයන්හි මෙන්ම වංශ කතාවන්හි දී ද හැඳින්වෙන්නේ අද අපට හමුවන මේ දැදි- ගම නම් ග්‍රාමය ය. පාලි භාෂාවෙන් ‘පුංඛ’ යන්නෙහි අර්ථය ඊතලයෙහි පිටුපස නොහොත් පිහාටුව නම් කොටස ය. එය දැත්ත ලෙසින් ද සිංහලෙන් හඳුන්වන අතර ‘පුංඛගාම’ නොහොත් දැතිගම දිගු ගමනක් ආ කට වහර විසින් දැදිගම බවට පත්කර තිබෙයි.

2017-07-20

Aerial ride @ laya leisure kukuleganga කේබලයෙන් එගොඩ මෙගොඩ

වෙනසක් පතන ඔබට එක්දින චාරිකාවකට කදිම තැනකි කුකුලේ ගඟ ලයා ලෙෂර් හෝටලය. (laya leisure). කොළඹ සිට පැය දෙකක ගමනකින් මේ ස්ථානයට ළගා විය හැකිය.








 
ඉතාමත්ම නිස්කලංක පරිසරයක අතිශය සුන්දර ලෙසින් පවත්වාගන යනු ලබන ස්ථානයකි laya leisure හෝටලය. මෙහි පරිපාලනය සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබන්නේ යුද හමුදාව මගිනි. අනි තරු හෝටල් සේම ඊට නොදෙවෙනි සත්කාරයන් අපට මෙහිදීද ලබා ගත හැකිය.
ඔබ ආයතනයක හෝ මිතුරු කැළකට දිනක විනෝදයක් ලබන්නට අවැසි නම් මේ එයට කදිම ස්ථානයකි. 
ඔබේ නිස්කලංක විනෝදයට මෙන්ම නැටුම් ගැයුම්වලටද මෙහි පහසුකම් ඇත. එපමණක් නොව ඔබ ත්‍රාසජනක ක්‍රියාවන්ට ලැදි නම් ඊටද මනා පුහුණු උපදේෂක වරුන් යටතේ ඒ අවස්ථාවන් ලබා ගත හැකිය. ගඟ හරහා එහා ඉවුරේ සිට කේබලයක ආධාරයෙන් ගුවනේ පාවි විත් ජල තලයේ දෙපා ගාවමින් මෙගොඩට ඒම ඒ අතර අපුරු ක්‍රියාකාරකමකි.
අශ්වයන් පිටේ චාරිකා, කඳුකර පාපැදි සවාරි, දුනු විදීම්, ඉලක්කයට වෙඩි තැබීම්, වනගත ඇවිදීම් ආදියද ඔබේ මනාපය පරිදි මෙහිදි ලබාගත හැකි පහසුකම් ය.
පසුගිය දා අපි ඒ අද්දැකීමි ලැබුවෙමු. මෙ එහි මතකයයි.
මේ සමග වීඩියෝ දර්ශන දෙකක් ඇත. බලන්න එම ස්ථානය ඔබටත් ගැලපෙන තැනක් ද කියා.



2017-07-04

දියාලකන්ද ඔස්සේ ඇඳගල සොයා....... මීරිගම Mountaineering Andagala Mirigama Sri Lanka

ඇඳගල අප්‍රකට තැනකි. ඒ ගැන දන්නෝ සිටිත් නම් ඒ මීරිගම අවට පිරිස් ය. අද ඇඳගල ආරණ්‍ය සෙනසුනකි. එකල වලගම්බා රජ දවස රජුන් සැඟව සිටියා යැයි පැවසෙන ස්ථානයකි.
මීරිගම නගරයේ සිට පස්යාල පාරේ කිලෝමීටර් දෙකක් පමණ දුරකින් පර්වතය මැදට වන්නට මේ සෙනසුන පිහිටා ඇත. එකී පර්වතය දියාලකන්ද නමින් හැඳින්වෙයි. දියාල කන්ද එක් පෙදෙසකින් පොහොන්නරුව ග්‍රාමයට මායිම්වන අතර අනිත් බැවුම ඉඹූල්ගස්දෙණිය නම් ස්ථානයට මායිම් වේ. ඉඹුල්ගස්දෙණියේ අනෙක්පස තවත් මහ වනාන්තරයකි. එය පල්මඩ කන්ද ලෙස හැදින්වේ. අපි ඇඳගල සොයා යන්නට තෝරාගත්තේ පල්මඩ කන්ද හරහා කඳුතරණයක යෙදෙමිණි. 

2017-06-29

පිළිකුත්තුව බැලුම්ගල සොයා.... දෙවැනි කොටස

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ මහර ප්‍රා.ලේ. කොට්ඨාසයට අයත් ඌරුවල් පේරුවෙහි පිහිටා තිබෙන ප්‍රාග් ඓතිහාසික පුදබිමකි මෙම පිළිකුත්තුව රජ මහා විහාරය. මෙම විහාරය මෙරට ලෙන් විහාර සම්ප‍්‍රදාය තුළ ඉතා වැදගත් කමක් උසුලන, ඓතිහාසික බෞද්ධ පුදබිමක් වෙයි.

2017-06-27

Hiking little adam's peak (Ella) ඇල්ල පුංචි සිරිපාදය තරණය

අප රැගත් බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය හරියටම රාත්‍රී අටට කොළඹ කොටුවෙන් සිය ගමන ආරම්භ කළේ ය. හෙට දින උදැසනම ඇල්ල නගරයට ආසන්නව පිරිටි පුංචි සිරිපාදය නැගීමට ඇති හෙයින් අපි නින්දට වැටුණෙමු. පළමු පන්තියේ නිදන මැදිරි ආසන වෙන්කරගන්නට නොහැකි වුවත් අපට එතරම් සුව පහසු නැති තුන්වැනි පන්තියේ නිදන ආසන ලැබී තිබීම මහත්ම පහසුවක් විය.

2017-06-21

Amazing Bible Rock Climbing Experience - බතලේගල තරණය

බතලේගල එහෙමත් නැත්තං සුද්දගේ භාෂාවෙන් Bible Rock පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක කියන නගරයට ආසන්නවයි. බතලේ ගල සුන්දරත්වය හොඳින්ම පෙනෙන්නේ දුම්රියෙන් නුවර යනවිට හා මහාමාර්ගයෙන් කඩුගන්නාව දුර්ගය පසුකරද්දියි. අන්න ඒ ඉසව් දෙකේදි ඇතින් පෙට්ටි හැඩය ගත් මේ බතලේගල කන්ද ඉතාමත්ම දර්ශනීය ආකාරයට පේනවා. 
(අපේ චාරිකාව විනාඩි පහක විඩියෝවක් හැටියට මේ තියෙන්නේ. මේක බලලා මගේ යු ටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා සහයක් දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙහි අඩුපාඩුත් මට කියලා දෙන්න. ෆෝන් කැමරාවෙන් විඩියෝ කරලා එඩිට් කරලා හඩ කැව්වෙත් ඉතිං මම ම තමා.)

2017-06-16

Saradiel caves Uthuwankanda - සරදියල් ගුහාවේ ඇතුළට පිවිසෙමු

කොළඹ - නුවරපාරේ සිට  මාවනැල්ල ඔරලෝසු කණුව අසලින් ඇති සරදියල් ගම්මානය පාරේ කිලෝ මීටර් එක හමාරක් පමණ ගිය පසුව වම්පසින් අඩි 1400 ක් පමණ උස උතුවන් කන්ද අපට දැකගත හැකිය. එහි උස ගල්කුල සරදියෙල් ගල ලෙස අද හදුන්වයි. 

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්